සංගීත ලොව තවත් පහනක් නිවී යයි. අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙන්න

දශක ගණනාවක් පුරා තමන්ටම ආවේණික වූ ගායන විලාසයකින් සහ මිහිරි ගීත පෙළකින් ලාංකීය රසික හදවත් පිනවූ, “ධර්මරත්න සහෝදරයෝ” කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මැක්ස්වල් ධර්මරත්න මහතා අභාවප්‍රාප්ත විය. 2026 අප්‍රේල් මස 19 වන ඉරු දින සවස් භාගයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සමුගැනීම, මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කර තිබේ. “ධර්මරත්න සහෝදරයෝ” යන නාමය මෙරට සංගීත…

Read More

“ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ… එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ…” රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය ගැන ඊයේ ඇසුණු ඒ වෙනස්ම කතාව මෙන්න..

ඒ සිද්ධිය ගැන පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නට වුණා. මේ ඇසෙන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්. අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ පටයකින් හෙළි වූ කරුණු අනුව භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වෙළඳ සැල් සේවකයන් කණ්ඩායමක් එක්ව ඔවුන්ගේ භාරයට ගත් 66 හැවිරිදි වැඩිහිටි කාන්තාවකගේ කොණ්ඩය කපා අමානුෂික අන්දමින් ඇයට පහර දීමේ වරදට රාගම…

Read More

කවුද මේ ආලෝකා ?

ආලෝකා කියන්නේ සාමාන්‍ය සුනඛයෙක් නෙවෙයි. ඉන්දියාවේ වීදියක අසරණව ඉද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට හමුවුණු මේ සුනඛයා, අද වෙනකොට ලෝක සාමය වෙනුවෙන් පණිවුඩයක් අරන් යන “සාමයේ දූතයෙක්” වෙලා ඉවරයි. පසුගිය කාලේ ඇමරිකාවේ සැතපුම් 2,300ක් වගේ විශාල දුරක් පා ගමනින් ගිහින් මුළු ලෝකයේම අවධානය දිනාගන්න ආලෝකාට පුළුවන් වුණා. දැන් ආලෝකා ලංකාවට ඇවිත් ඉන්නේ විශේෂ සාම පා ගමනකට…

Read More

අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත්කරනු ලැබ තිබේ. ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය. බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි…

Read More

දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක්

දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, ඔහු අදාළ සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගීවීම හේතුවෙනි. ඒ අනුව දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.

Read More

නව වසරේ දේශපාලන සැලසුම හෙළි කළ හිටපු ජනපති මහින්ද

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, මෙවර මැයි දිනය පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බව ද කියා සිටියේය. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු…

Read More

අනේ එයාලට තවත් බබෙක් … දීපිකා සහ රන්වීර් ගැන ඇසෙන සුභ ආරංචිය

බොලිවුඩ් ජනප්‍රිය යුවළක් වන දීපිකා පදුකෝන් (Deepika Padukone) සහ රන්වීර් සිං (Ranveer Singh) ඔවුන්ගේ දෙවැනි දරුවා බලාපොරොත්තු වෙමින් සිටින බව මේ වන විට නිවේදනය කර තිබෙන්නේ ඔවුන්ගේ රසිකයින් අතිශය සතුටට පත් කරමිනි. මෙම සතුටුදායක පුවත සමාජ මාධ්‍යවල වේගයෙන් ප්‍රචාරය වෙද්දී රසිකයින්ගේ සුබ පැතුම් වැස්සක් ඔවුන් වෙත ලැබී තිබෙනවා. ඔවුන් මෙම පුවත Instagram ඔස්සේ බෙදාගත්තේ ඔවුන්ගේ…

Read More

අවුරුදු සමයේ PHI වැටලීම්වලින් 1,200කට අධික පිරිසකට නඩු

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආයතන 21,796ක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛශ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක පිරිසක් එක්වුණු බවය. ඒ අනුව අදාළ පරීක්ෂා කිරීම් මගින් ආහාර වැටලීම් 2,114ක්…

Read More

රන් මිල කටු කඩාගෙන ඉහලටම

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්  4,829  දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 2,000ක් බව සඳහන්ය. ඒ අනුව අද දිනයේ…

Read More

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

නෙළුව – මොරවක මාර්ගයේ ලේල්වල – ගුරුදියපත මන්සන්ධිය ආසන්නයේදී අද (20) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද උදෑසන 8.10ට පමණ ප්‍රතිවිරුද්ධ දිශාවලින් පැමිණි යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදිකරුවන් මාර්ගයේ දකුණු පසට බරව ධාවනය කිරීම අනතුරට හේතුව වී ඇති බවයි….

Read More
Back To Top