පවුලේ අවුරුදු උත්සවයකට සහභාගී වූ සිඟිත්තිය ජල තටාකයකට වැටී මරුට

පවුල් කිහිපයක පිරිසක් විසින් එක්ව පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගී වූ කුඩා දැරියක් ඊයේ (18) සවස පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පැලැන්වත්ත, පන්නිපිටිය පාර ප්‍රදේශයේ මිහිඳුපුර පදිංචිව සිටි නමෝදි පෙරේරා නැමැති 06 හැවිරිදි දැරියකි. දැරියගේ මව විදේශගතව සිටින අතර දැරිය සිය පියාගේ සහෝදරියගේ සෙවනේ හැඳී වැඩෙන…

Read More

ගල් අගුරු වංචාවට ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය අස්විය යුතුයි..

සමගි ජන බලවේගය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.   ගල්අඟුරු වංචාව යටපත් කිරීමට ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කරන්නට එක්වෙමු.. මෙරට විදුලි බල උත්පාදනය තුළ ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් වන ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ අතිශය දූෂිත ගණුදෙනුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගය ලෙස අප අවස්ථා ගණනාවක දී රටට පෙන්වා දුන්නෙමු. ප්‍රමිතියෙන්…

Read More

දූෂිත ජයකොඩිට ජනාධිපති විසින් ඇමතිකමක් දුන්නේ දූෂණ පිළිබඳව දැන දැනමයි.. – නාමල්

දූෂණ චෝදනා ඇති කුමාර ජයකොඩිව බලශක්ති ඇමතිවරයා ලෙස ජනාධිපති පත් කලේ එම දූෂණ පිළිබඳව දැන දැනම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සඳහා මහර බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, “අලුත් අවුරුද්දට…

Read More

අලුත් අවුරුද්දේ මහින්දට වෙඩි තැබීමේ ක‍්‍රීඩාවක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයකට වෙඩි තැබීමේ ක්‍රීඩාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. අදාළ පුද්ගලයා සිය වීඩියෝව මගින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන් විසින් සිදු කරනු ලබන අවුරුදු ක්‍රීඩාවක් බවයි. අදාළ වීඩියෝවේ ඔහු පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් වෙනත් පාර්ශවයක් විසින්…

Read More

මහරගම නිවසක උඩු මහළට ගිනි තැබීමෙන් තිදෙනෙකු මියයයි

මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි. මෙම ගිනිතැබීමෙන් මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමග හි නිවසක කුලී පදනම මත පචිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය…

Read More

කුඩා දැරියකට මරු කැඳවූ මාරක අනතුර

මන්නාරම, තාල්වුපාඩු තාරපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. බේකරි ආහාර ද්‍රව්‍ය රැගෙන යන ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ කුඩා දැරිය මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 01යි මාස 06ක් වූ තාරාපුරම්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි දැරියකි. මන්නාරම…

Read More

දියේ ගිලී ගුරුවරයා සහ සිසුවා මරුට

(දයාරත්න ඇඹෝගම) තඹුත්තේගම නල්ලච්චිය වැවේ වාරි ඇළක දිය නෑමට ගිය ගුරුවරයෙකු හා සිසුවෙකු දියේ ගිලිමෙන් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. මිය ගොස් ඇත්තේ ගම්මාන 10,බැදිවැව,තඹුත්තේගම  ප්‍රදේශයේ පදිංචිව සිටි  එල්.ඩබ්.ධනුෂ්ක උදයංග(29) නැමති  උපකාරක පංතියක ගුරැවරයෙකු සහ තිබිරියාකඩවල,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි මුණසිංහ ආරච්චාගේ හේෂාන් දසුන්(19) නැමති පාසල් සිසුවෙකි. මොවුන් දෙදනාම ඊයේ  (18) දින සවස උපකාර…

Read More

අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ බවය. එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයාගත්…

Read More

ඇළෙන් ගොඩ ආ අලියා වාහනවලට පහරදී පලායයි

(සිරිපුර මදුශානි අබේසිංහ) මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරු පැදි හතරකට පහර දී හානි සිදුකර මැදගම රක්ෂිතයට පලාගිය බව පිඹුරත්තෑව වනජීවී නිලධාරීහු සඳහන් කළහ. මාදුරුඔය අලුත්ඔය ප්‍රදේශයෙන්  මෙම වන අලියා ඉසඩ්.ඩී .ඇළට වැටී සිටි අතර වන අලියා ගොඩ ගැනීම සඳහා පිඹුරත්තෑව වනජීවි නිලධාරිහු   විශේෂ මෙහෙයුමක් ආරම්භ…

Read More

ආණමඩුව කරඹෑවේ අවුරුදු උත්සවයේදී ගැටුමක් – හතක් රෝහලේ

ආණමඩුව කරඹෑවේ ප්‍රදේශයේ ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. ගම්වාසීන් විසින් සංවිධාන කර තිබූ මෙම අවුරුදු උත්සවයට පැමිණි සිටි දෙපිරිසක් අතර පැරණි ආරවුලක් මුල් කරගමින් උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත. ඉන් අනතුරුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුර ගොස්…

Read More
Back To Top