හෙට සිට අමෙරිකාවේ Tiktok අක්රීය කරනවා – Tiktok සමාගම පවසයි
අමෙරිකාවේ Tiktok ගිණුම් මිලියන 170ක් හෙට අක්රීය කරන බව Tiktok හි මව් සමාගම පවසයි. ඒ ජෝ බයිඩන් පාලනය විසින් Tiktok තහනම ඉවත් කිරීමට කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ය. රජයේ තීරණයට එරෙහිව Tiktok සමාගම අමෙරිකානු ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයද ඊයේ ප්රතික්ෂේප විය. ඒ අනුව හෙට දිනයේ සිට අමෙරිකාව තුළ Tiktok සමාජ මාධ්ය ජාලය තහනම් කෙරෙනු…
