යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවිය මරුට
කොළඹ – කුරුණෑගල ප්රධාන මාර්ගයේ, වරකාපොළ, වාරියගොඩ ප්රදේශයේදී යුද හමුදාවට අයත් කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් යතුරුපැදිය පැදවූ තරුණයා බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව වරකාපොළ පොලීසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ අලව්ව, තල්ගස්යාය, තුම්මුල්ල, නවතල්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි…
