මම දැන් ඇමෙරිකාවට ගිහින් වසර 16ක්. මට සිංහල අමතකත් නැහැ, අපේ සංස්කෘතිය අමතකත් නැහැ
ටීෂා පෙරේරා මීට, වසර කිහිපයකට පෙරදී ප්‍රාසාංගික වේදිකාවට නැතිවම බැරි චරිතයක් විය. රන්වන් රන් මාල පලඳා, කිරිල්ලියක් වාගේ ඉගිළෙන්නට, දම් පාට හැන්දෑවේ (සොඳුරු සීතල යාමේ) ගීත සමග මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ඇය වසර ගණනාවක සිට වෙසෙන්නේ ඇමෙරිකාවේය. එහි සිට ගීත ඇල්බම් දෙකක් පමණ නිකුත් කළ ඇය මෙවර ලංකාවට පැමිණ සිටින්නේ 24 වැනිදා පැවැත්වෙන ප්‍රසංගයකට…
